කොළඹ වීදියක දී………….01

“මැද කොළඹ වනාන්තරය…..” https://www.facebook.com/groups/804276106323782/permalink/1530313317053387/?hc_location=ufi ඔෆිස් එද්දි මාමත් එක්ක එයාගෙ කාර් එකේ ඇවිත් නංගිලාව මියුසියස් එක ගාවින් බස්සලා බාර්න්ස් ප්ලේස් වලින් ඇවිත් 120 පාරට දාලා මට බහින්න නවත්තනවා. එතැනින් බැහැලා පාරත් පැනලා විහාර මහාදේවි උයන අයිනෙන් ඇවිදගෙන බෞද්ධ කාන්තා විද්‍යාලෙ පැත්තට එද්දි , යාන්තම් වැහිබර උදයක උයනෙ ගස් කොච්චර ලස්සනට තියෙනවද කියලා හිතුණා….පහුගිය කාලෙ මල් වලින් පිරිල තිබබ නා ගස් වල දැන් මල් හැලිලා එකක් දෙකක් ඉතිරි වෙලා…මිනිස්සු ව්‍යායාම කරනවා,පාසල් සහ කාර්යාල වෑන් රථ පේළියට නවත්තල..ඒවයෙ මිනිස්සු ආර්ථිකයයි ..දේශපාලනයයි වගෙ රටේ නැති කාරණා ගැණ වෛවාරණ ඕපදූප කියවනවා…සමහරු පත්තර බලනවා…කෑම කනවා..සමහරු පාරට කකුල් දාගෙන නිදි…. මෙහෙම ඇවිදන් එද්දි කවදාවත් නොහිතුණ විදිහට උයන … දිගටම කොළඹ වීදියක දී………….01 කියවන්න