භාරතයේ විත්ති – 22 – ‘ජන ගණ මන අධිනායක ජය හේ’

https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F මේ ,මුලු මහත් ලෝකයෙන්ම ආකර්ෂණීයම ජාතික ගී අතර ස්ථානයක් ලබා සිටිනා ඉන්දීය ජාතික ගීයේ මුල් පද පෙලයි…. ඉන්දීය ජාතික ගීය මතකයට එන්න හේතු කිහිපයක් තිබුණා.ආසන්නම හේතූන් වන්නේ මෑත කාලයේ උතුරු පලාතේ දේශපාලඥයෙක් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සහ එම පලාත් ආශ්‍රිතව ජාතික ගීයට ඇති වන යම් යම් විරෝධතා …. ලංකාවෙ එහෙම වුනත් ඉන්දියාවෙ එහෙම වෙන්නෙ නෑ… ඉන්දීය මහා කවි..සංගීතඥ..පණ්ඩිත…ආදී විවිධාකාරයෙන් හැඳින්විය හැකි බෙංගාලි ජාතික රබීන්දොනාත් තාගෝර් (රවීන්ද්‍රනාත් ඨාකූර්) විසින් රචිත ඉන්දීය ජාතික ගීයේ භාවිත වන කොටස මෙසේයි….. ‘ජන ගණ මන අධිනායක ජය හේ භාරත භාග්‍ය විදාතා පංජාබ සින්ධු ගුජරාත මරාතා ද්‍රාවිඩ උත්කල භංගා වින්ධ්‍ය හිමාචල යමුනා ගංගා උච්ඡල ජලධි … දිගටම භාරතයේ විත්ති – 22 – ‘ජන ගණ මන අධිනායක ජය හේ’ කියවන්න

“කොළඹ වීදියකදී……04” – ‘කුඹුකේ ලිඳ ලඟදී…..’

https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%20%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93 ඒ කාලේ..ඒ කාලෙ කීවට මේ කාලෙත් ඇතැම් ගංවල අණිවාර්ය අංගයක් තමයි කුඹුකෙ ලිඳ…අපේ ගමෙත් මෑතක් වෙනකල් දෙකක් තිබුණා..එකක් හයිවේ හදන්න මැනලා දැන් ඒ හරිය කැලෑ සුද්ද කරලා.. ඉතින් කුඹුකක් නැති නිසා ඒක දැන් නිකම්ම නිකං ලිඳක් විතරයි…අනික පෞද්ගලික වත්තක තිබුනෙ..එයා ඒක පාවිච්චියට නොගෙන දැන් පල්වෙලා ගිහිං… කුඹුකේ ලිඳකින් නෑවම තියෙන සනීපය නාලම බලලා අත්විඳිනවා මිසක් මම කියන්න ගියොත් අන්දයට කිරේ සුද කියා දුන්නා වගේ වෙයි… කුඹුක් මුල් වල තියෙන විශේෂ ගුණයක් නිසා වතුර පිරිසිදු වෙන බවක් කාලෙකට කලින් කෘෂි විද්‍යාඥයෙක් රූපවාහිණී වැඩ සටහනක කිවුවා මතකයි…. ඉතිං කුඹුක ලිඳක් හොයං ගමකටම යන්න ඕනද?! ඔන්න කොළඹ නම් තියෙනවා කුඹුක ලිඳක්… සමහරු … දිගටම “කොළඹ වීදියකදී……04” – ‘කුඹුකේ ලිඳ ලඟදී…..’ කියවන්න

“කොළඹ වීදියකදී…..” – 03

‘බේරේ’ https://www.facebook.com/groups/804276106323782/permalink/1545531145531604/?hc_location=ufi ඉස්සර අපිට කඩවත ඉඳලා කොළඹට යන එකත් මහ අරුමයක් තමයි.නිතර යන්න අවශ්‍යතාවයක් නොතිබුණ නිසා කොළඹ යන එක විශේෂ සහ දුලබ අවස්ථාවක් වෙච්ච එක ඒකට හේතු වුනා. මට කොළඹ හුරු වෙන්න ගත්තෙ 2007 දී විතර.ඒ මගෙ ඉගෙනීම් කටයුතු වලට කොළඹ එන්න පටං ගත්තට පස්සෙ. JMC එකේ ඉගෙන ගත්ත කාලෙ ඒකෙ පංති තිබුණා රජයේ ලිපිකරුවන්ගේ ආයතනය (සලරලිස නිවහන) සහ ලංකා ගුරු සංගම් කාර්යාල ගොඩනැගිලිවල.ලංකා ගුරු සංගම් කාර්යාල ගොඩනැගිල්ල මායිම වෙන්නෙ වැවට.කොටින්ම කිවොත් ගොඩනැගිල්ලෙන් වැටුනොත් වැටෙන්නෙ වැවට.වැවත් ගොඩනැගිල්ලත් අතර ඉඩක් නෑ.(ඒකාලෙ පංතියෙ ඉද්දි බෝට්ටු පදින කෙල්ලො වැවට වැටිච්චා දැකපුවා මම මෙතන කියන්න යන්නෙ නෑ) කොළඹ හැම තැනකම වගේ ඇවිදින්න ලැබුනෙ මම … දිගටම “කොළඹ වීදියකදී…..” – 03 කියවන්න

Beyond Reasonable doubt ,සාධාරණ සැකයෙන් ඔබ්බට……

09 – “හිතුමතේ ජීවිතේ….Prison Break….” https://www.facebook.com/groups/804276106323782/permalink/1540187302732655/?hc_location=ufi (මෙහි යම් යම් චරිත හා සිදුවීම් මූලිකම සිදුවීමට කෙලින්ම අදාල නොවුනත් කතාවට කීමේදී ඒවා පැවසීම අත්‍යාවශ්‍යයැයි හැඟුනු බැවින් එවාද ලියා තැබුවෙන් ,අනවශ්‍ය ලෙස පෝට් එක දිග වූවා නම් කමා වුව මැනවි…) කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් කිට්ටුව.දිනක් අඩියක් ගසා පැමිණෙමින් සිටි විලසන්ව පිහියක් රැගත් මිනිසෙක් විසින් බිය ගන්නවා රගෙන යනවා. විල්සන් බීමතින් සිටි නිසා පෙර කී පුද්ගලයාට ඔහුව මෙල්ල කිරගන්න පහසු වුණා. මේ පුද්ගලයා විල්සන්ගෙන් යම්කිසි දෙයක් ගැන නැවත නැවත ඇහුවා.මරණ බියෙන් තැතිගත් විල්සන් ඒ පුද්ගලයා විසින් ඇසූ දේවල් සියල්ලම පවසා සිටියා. විල්සන් නොමරා අත් … දිගටම Beyond Reasonable doubt ,සාධාරණ සැකයෙන් ඔබ්බට…… කියවන්න

“කොළඹ වීදියකදී ….02”

“පාරු පාළමෙන් කොළඹට” https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%20%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93 “පාරු පාළමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා….. ” කොළඹට උතුරු පැත්තෙ ඉඳන් එන කෙනෙක් නගරයට ඇතුල් වෙන්න නම් කැළණි ගඟ හරහායි. අදටත් ඒ පැත්තෙ පාරවල් වල උදේටයි හවසටයි ලොකු ට්‍රැෆික් එකක් තියෙන්නෙ කැලණි ගඟ හරහා තියෙන පාලම් ගාන ප්‍රමාණවත් නැති නිසා. ඇයි ඉතින් කැලණි ගඟ හරහා නගරය ආශ්‍රිතව තියෙන්නෙ මට්ටක්කුලිය පාලමයි, කලින් වික්ටෝරියා පාලම කියල හඳුන්වපු ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව පාලමයි, අළුත් පාලමයි විතරයිනෙ. ලංකා – ජපන් මිත්‍රත්ව පාලම හදල තියෙන තැන … දිගටම “කොළඹ වීදියකදී ….02” කියවන්න